Thursday, February 2, 2012

නිදුකින් හිඳින් මගෙ සඳ...

ගතු කියන සඳවතිය, 
මල් සුවඳ පවා දැන්
ලෙංගතුයි ලඟ උන්නු
නුඹට වැඩියෙන් ඉතින්.....

නුඹට මෙන් පුරවන්න
බැරි උනත් සිත පෙමින්
සිත පවා දත යුතුයි සැනසෙන්න ලද දෙයින්.....

අපේ අතැඟිලි වලට
අහු නොවුනු ජීවිතෙන්
බිඳෙන් බිඳ අත් හරිමි
මතක මංපෙත සෙමින්.....

අමනාප නෑ කිසිත්,
නාවාට මා සොයන්
කොහේ හෝ හිඳී නම් 
නුඹත් නිදුකින්, තුටින්........