Friday, January 6, 2012

මතක බණවර

ප්‍රේමය පවා උගත යුතුය
හිටි ගමන් හිතට ගොඩ වැදිය යුතු නැත
වැඩි ඉඩ නොගත් තරමට
යන දාට හිත රිදෙන්නේ නැත...
සුසුමන් පවා තේරුම් ගත යුතුය
මේ හැටිම දුක හොඳ නැත
අතරමග මිය ඇදුනු පෙමකට
මතක බණවර කියන්නේ නැත...
සිතුවිලි වුවද මතක තබා ගත යුතුය
අමතක කල යුතු සමහර දේ ඇත
අමතක වීමකින් මතක් වූවද
අමතක උනා සේ හිඳීම හොඳය...
කවියක් පවා දත යුතුය
මේ තරම් කරදර නොකල යුතුය
ඔහේ පෙල ගැසුනු පලියට
සියලු දේ ගැලපිය යුතු නැත...