Saturday, May 28, 2011

සන්තියාගෝ නම් සැරිසරන්නා (The Alchemist)

කෙනෙක්ගේ හිතකට සුවිශාල බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් තියෙන පොත් හමුවෙන්නේ ගොඩක් කලාතුරකින්....එහෙම මට හමු වූ පොතක් තමයි, "සන්තියාගෝ නම් සැරිසරන්නා". ලියලා තියෙන්නේ පවුලෝ කොය්යෝ කියන බ්‍රසීල ජාතික ලේඛකයා. පරිවර්තනය චූලානන්ද සමරනායක මහත්තයාගෙන්. මට මේක කියවන්න ගෙනත් දුන්නේ ගොඩාක් පොත් කියවන, විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වෙන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විස්මිත සිහින දකින්නෙක් වන, දමිත නිපුණජිත් කියන යාළුවා.

ඇත්තම කිව්වොත් පොතෙන් කියවෙන්නේ නැවත නැවත දකිනා සිහිනයක් අනුව යමින් සිය ඉරණම පසුපස හඹා යන සන්තියාගෝ කියන එඬේර කොලුවෙක් ගැන.බැලූ බැල්මට බොහොම සරළ කතාවක් කියලා පෙනුනත්, පොතේ තියෙන නොගැඹුරම එහි සැබෑ ගැඹුර පෙන්වනවා.

පොතේ කියලා තියෙන විදියටම, "ජීවිතය වඩාත් රසවත් වෙන්නේ හීනයක් හැබෑවීමට ඇති හැකියාව කියන කාරණය නිසයි..........."
ඒ වගේම ජීවන ගමන් මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරදිව හඳුනා ගැනීම මතයි.....
අත් හැරලා දාන හැම ආශිර්වාදයක්ම සාපයක් බවට පත්වෙනවා......

පොතේ තියෙන හැම වචනෙකම වගේ ලොකු තේරුමක්, ජීවිතේට පාඩමක් හැංගිලා තියෙනවා කියලා මං කීවොත්, මං හිතන්නේ මේ පොත කියවලා තියෙන බොහෝ දෙනෙක් එයට එකඟ වේවි....

පොත කියවලා ඉවර උනාම මගේ හිතට ආපු මේ පුංචි කවියෙන්ම මේක ඉවර කරන්න හිතුවේ ඒ පොතේ කියවෙන දේ මේ කවියෙන් සංෂිප්ත වෙලා ඇතියි කියල මට හිතුනු හින්දා......

ජීවිතයක කඳුළු රැගෙන

සිනහව සොයාගෙන

අපි සැරිසරන්නෙමු

මග හසර සොයා යන්නෙමු
 
නමුදු........

එය අප තුලම සැඟව ඇති බැව්

අපි නොදන්නෙමු.....

3 comments:

  1. අනිවා ..ඒක ඈත්ත..එහෙම පොත් හම්බුවෙන්නේ අඩුවෙන් තමා..මටත් එහෙම පොත් කීපයක්ම තියෙනවා..ගුරු ගීතය..වානේ පන්නරය ලෑබූ හෑටි,ඈනා කෑරනිනා..මේවා ඈතුලේ මගේ පොඩි ජිවිත කාලේ ඈතුලේ හම්බුනු ගොඩාක් මිනිස්සු වගේම ලගින්ම හිටපු මිනිස්සුත් හිටිය..මේ වෑඩේ නම් බොහෝම අගය කරනව දිගටම ලියන්න..ඔබට ජය හා සතුට..

    ReplyDelete
  2. බොහෝමත්ම ස්තූතියි මල්ලියෝ.......ගොඩක් පොත් කියවන මිනිස්සු වෙච්චි අපි, පොත් වලට වගේම ඒවගෙන් කියවෙන දේවල් වලටත් හැමදාම බොහොම සුන්දර ලෙස ආදරය කරනවා.......

    ReplyDelete