Saturday, May 28, 2011

මගෙ අප්පච්චි.......

ඉරගල වැටිලා පෑලදිගින්
සිත් අහසම අඳුරින් මගෙ අප්පච්චි
ඒ අහසට පසොලොස්වක සඳ වී
තනි මැකුවේ ඔබමයි මගෙ අප්පච්චි.......
සිරිමා බෝ මැඩ ලොව්තුරු සුවය තරම්
ඔබේ සෙනේ ගඟ නොසිඳෙයි සයුර තරම්
හද පුදසුන මත සදා සුවඳ දෙන
පිවිතුරු කුසුමයි ඔබ මට අප්පච්චි..........
ගෙවා යොදුන් දුර මහ ගිරි දඹය තරම්
පදරුත් සුන් දිවි ගීයම එකළු කරන්
ජීවිතයට මග හසර කියාදෙන
මහ බෝසත් ඔබමයි මගෙ අප්පච්චි............

2 comments:

  1. පිය සෙනෙහස
    ~~~~~~~~~~
    කිරි නොවුනු
    ලෙ...
    හොරාට හැලෙයි..
    කඳුලු වී..!!!

    ReplyDelete
  2. අපේ ජීවිත වල ජීවමාන බුදුවරු..........

    ReplyDelete