Sunday, July 10, 2011

කියන්නට බැරි උනොත්............

දෑල වට තරු පොකුරු නිදි බිඳින කණිසමක
වළ දැමූ නුඹ මතක විමසුවා සිත් මලද
පසක් විය නුඹ නොමැති ජීවිතය උගත් මට
නුඹ මතක හැර යන්ට නොහැකි වග කිසි දාක
කොහේ හෝ නුඹත් ඇති මා වගෙම මේ ලෙසින
ඉඳහිටක පණ පොවන මතක යළි වළලමින
හමුවුනොත් මග තොටෙහි අහම්බෙන් යම් දිනෙක
නාඳුනන ලෙසින් නුඹ මගැ'ර යන්නේ කොහොම
වසන්තය මල් වරා සුසුම් කලඹන දාක
කියන්නට බැරි උනොත් මා නික්ම යන වගට
යළිත් අප හමුවනා හීනයක් හෝ රැගෙන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න..

2 comments:

  1. මියැදිලා උන් සිතට ජීවයක් දුන්නු නුඹ
    හා බැඳුණු මතක පොදි වළදමා යමි කෙලෙස
    මියෙදෙනා දාට මම අනුන් සතු මලක් ලෙස
    රැගෙන යමි නුඹෙ සුසුම් එළබෙනා ආත්මෙට..

    ReplyDelete
  2. පසුවදනට ගොඩාක් ස්තූතියි Prash අක්කේ......

    ReplyDelete