Sunday, July 3, 2011

ආදරයට ආදරයෙනි.....

සහස් දුර ඇවිද ආ කටුක මේ ගමන් මග
සෙවනැල්ල සේ ලඟින් රැඳී උන්නේ නුඹය
දිනක් දෙදිනක් නොවෙයි, මේ සසර පුරාවට
මතක පත් ඉරු අතර සැරිසරන්නේ නුඹය.......
සුවඳ මල් පොදක් සේ ඇද හැලෙන යෞවනය
ප්‍රේමයෙන් එකළු කල සරා සඳ නුඹම විය
මලින් මල් ගවසවා සඳුන් තැවරුව සිහින
රැගෙන ආ ඔය හිතට ආදරෙයි මම හෙටද.........
උරහිසින් හිස තියන් හිඳින විට මා සිතට
හිස සිඹින ඔය සුසුම් කියාදෙයි ජීවිතය
ප්‍රේමයේ පද පේළි හෙමි හෙමින් ගලපන්න
දැන් ඉතින් මගෙ හිතම සන්තකයි නුඹ නමට.........

2 comments:

  1. සිත් අහස පුරාවට
    සරා සඳ වෙලා නුඹ
    මේ සසර පුරාවට
    එළි කරන ජීවිතය
    සත්තමයි නුඹ නමට
    වෙන් කලා ඉතින් මම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආදරණීය සිතඹර.....:)

      Delete