Monday, June 27, 2011

මගේ ඉරබටු තරුව ........



වදනින් නොදොඩා
දෙනෙතින් දොඩමළු වෙමින්
සිත් අහස පුරා පායාපු
මගේ ඉරබටු තරුව උනේ නුඹ.....
මතක දොරගුළු හැරපියා
නුඹ සුවඳ රැගෙන යමි
හඬන්නට වරම් නැති
කඳුළු ඇස සිපිරි කර ගමි...
ආදරය ඉකි ගසද්දී
හදවතින් වෙන් නොවී
නුඹ වෙතින් නික්ම යමි
මගේ සොඳුර නුඹ දැන් නුඹෙයි....

No comments:

Post a Comment