බෙංගාලි සාහිත්‍යයෙන් ලියවුනු පොත පතින්, සිංහල භාෂාවට පරිවර්තනය වී ඇත්තේ බොහෝ සීමිත ගණනකි. චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි නම් සොඳුරු ලේඛිකාව අතින් වංග බසින් එම කෘති සිංහලට නොනඟින්නට , වංග නවකථා සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණ බොහොමයක රසය අපට විඳ ගැනීමට හැකි නොවනු ඇත. මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක්, අපූගේ ලෝකය ලෙස සිංහලයට නැඟුනු අපූ ත්‍රිත්වය, අරණකට පෙම් බැඳ, ශ්‍රී කාන්ත මා එසේ කියවූ පොත් කිහිපයකි.
බොහෝ සුන්දර ලෙස ලියවුනු එම කෘති වංග සමාජයත්, සිංහල සමාජයත් අතර ඇති සමීප බව මනාවට විදහා පායි.
"පථොර්" කෘතියන්ගේ සිංහල පරිවර්තනය වන "අපූ ත්‍රිත්වය", සංවේදී දරුවකු වූ අපූගේ සොබාදහමත් සමඟ ගෙවුනු සුන්දර ළමා කාලය, ඔහුගේ සංවේදී බව නිසාම කල්කටාවේදී ඔහු මුහුණ දෙන නොයෙකුත් කම් කටොළු පිලිබඳ මෙන්ම ජීවිතයේ බොහෝ ඇස ගැසෙන මුත් අප නොසිතන ඉසව් කරා අප මෙහෙයවන කෘතියක් ලෙස හැඳින්වූවාට වරදක් නැතැයි මට සිතේ. අපූ ත්‍රිත්වය නොකියවූ අයෙක් වුවද, එම කෘතිය පාදක කොට සත්‍යජිත් රායි අතින් සිනමාවට නැගුනු Pathor Panchali, Aparajitho සහ Apur Sansar නම් නරඹන්නට ඇත.
කලබලකාරි බවට කොටුවූ සිත වෙනත්ම ලෝකයක් කරා රැගෙන යන්නා වූද, සොබාදහම නම් අපූරු නිර්මාණකරුවාගේ විස්මිත හැකියාව මනාව පිලිබිඹු කරන්නාවූද කෘතියක් වේ නම් ඒ අන් කිසිවක් නොව, "අරණකට පෙම් බැඳ" කෘතිය යැයි මා පැවසූවහොත් එය කියවා ඇති බොහෝ දෙනෙක් මා හා එකඟ වනු නිසැකය. එය සැබැවින්ම මාහැඟි කෘතියකි.
සරච්චන්ද්‍ර චට්ටෝපාධය්‍යායගේ "ශ්‍රී කාන්ත" කෘතියද වෙනස්ම මගක් ගත් කථාවකි.
වංග සාහිත්‍යයේ සොඳුරු නිර්මාණ සිංහල පාඨකයන් හට මනාව විඳින්නට හැකි අයුරින්, එම කෘතියන් සිංහලට නැඟූ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි ලේඛිකාවට අපගේ කෘතඥතාව හිමි විය යුතුමය.
ඇය අප අතරින් වියෝවූ දින රුවිනි සුලෝචනා නම් කිවිඳිය අතින් ලියවුනු කවි පෙලකින් මෙම සටහන අවසන් කිරීමට මා සිතූවේ, එයින් චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි නම් ඒ සොඳුරු ලේඛිකාව පිලිබඳ දන්නා නොදන්නා හැමදෙනෙක්ටම පාහේ යම් අදහසක් ලබාගත හැකි වනු ඇතැයි මා විස්වාස කරන නිසාම පමණක් නොව, මේ තරම් සිතට දැනෙන අන් වචන මාලාවක් මා තුළින් සොයාගැනීමටද මට නොහැකි වූ නිසාය.
"මොණර නිල් පැහැ බෙංගාලි අහසට
මේ තරම් හැඩ වළා ඉර රේණු කුමටද
දුර්ගා, අපර්ණා වාගේම
දැන් ඉතින් නුඹත් නෑ නොවෙද?
ශුක්ල පස පිරුනු රෑ හඳට
දෑල වට තරු පොකුරු මොකටද?
අපූ වාගේම ඉවසාගෙන
උන්නාවෙ අහසත් තනිකම.........
දෝතින්ම වැළඳගෙන ජීවිතය
බිඳෙන් බිඳ රස මිහිර විඳින්නට
කියා දුන් රාජලක්ෂ්මී නුඹයි
සිරස ගෙන ලමැඩියේ හොවාගෙන.......
අඬන්නට ඇති තරම් කඳුළු තිබුනට
අඬන්නේ කොහොමද අවසඟව හිත
ඉඟුරු මල් මෝදු වුනු දෙණි තැනිතලා මත
ඇවිද යන්නේ දැන් නුඹ නැතිව කොහොමද?
කාලයේ වැලිතලා යට සිට
මෝදු වුනු සල් සපු සුවඳ සුඟ
උරාගෙන අරණකට බැඳි පෙම
උකටලී සිත විතරයි මං ලඟ......
ගිම්හාන අහස් කොන බදාගෙන
ඉකි ගගහා ඇඬුවාවේ මහ පොළොව
විඳවන්නේ ඇයි අප හැමදාම
එකිනෙකා දුක බෙදාගන් නැතුව......
නොගොස් එන්නට බැරි බව සැබැයි
ගොසින් ආවෙත් කවුරුද
නුඹ ගියාමැයි යළි නො එයි
හිත රවටාගෙන ඉතින් මොකටද?..... "
අවිවාදයෙන්ම ඇය අසමසම ලේඛිකාවක්.
ReplyDeleteඅපේ පරිකල්පනය දියුනු කල ජීවන මඟට පෑයූ රිදී ඉරක් ඇය.
මේ මගේ අඩවියේ ඈ ගැන තබපු සටහනක්
සාහිත්‍ය ලෝකයේ සියළු නොපනත්කම් ඉවසමින් සිට ඈ අවසන් ගමන ගියාය.
"සාහිත්‍ය ලෝකයේ සියළු නොපනත්කම් ඉවසමින් සිට ඈ අවසන් ගමන ගියාය..."
ReplyDeleteමා කියවූවා ඒ සටහන....
කියන්නට දෙයක් නැහැ ඇය ගැන. වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම ඇය විශිෂ්ථ ලේඛිකාවක්............
ඇගේ ගෝදානය පොත ගැන සටහනක් තබන්න කාලෙක සිට සිතමින් ඉන්නවා. වෙලාවක් සොය ගැනීමේ අපහසුව නිසා එය තව තවත් කල් යනවා.
ReplyDeleteමට "ගෝරා" ගැන කීමටත් අමතක උනා...........:)
ReplyDeleteශ්‍රීකාන්ත් පොතේ දෙවෙනි කොටස ශ්‍රීකාන්ත් සහ රාජ ලක්ෂ්මි
ReplyDeleteමාත් ඇගේ මේ පොත් සියල්ලටම කැමතියි. විශේෂයෙන් අරණට පෙම්බැඳි. ඒක කියෙව්වම ඇත්තටම කැලේකට යනන් හිතෙනවා
:-)
ReplyDeleteදුකා, ම, අකලංක අයියා ස්තූතියි බොහොමත්ම අදහස් වලට.... :)
Delete