Thursday, June 23, 2011

තව කුමට කවිකම්........

බර අඩි තබා ඉක්මන්
නුඹ කලත් අභිනික්මන්
තව කරනු කිම සක්මන්
මගෙ හිත බිඳෙයි සන්සුන්

හුරු පුරුදු හැඟුමන්
දැන් ඉතින් තහනම්
ලෙංගතුම හිත හංගන්
අපි නික්ම යමු දැන් නම්

                                        හඬන සිත අහුකොන්
                                        වළදමා දුකකින්
                                        සතුටු වෙමි අදරින්
                                        නුඹ බලා දුරකින්

                                        පද නොගැලපී දැන් දැන්
                                        මට කරන සඳ ඔච්චම්
                                        තව කුමට මේ කවිකම්
                                        නිහඬ වෙමි මම නම්...

2 comments:

  1. "නොගැලපෙන පද යලිත්
    හොදහැටිම ගැලපේවි
    නුඹ නමට දහසකුත්
    තවත් කවි ලියවේවි.."

    හරිම හැඟුම්බරයි...

    ReplyDelete