Thursday, June 2, 2011

ආදරණීය ඔබ.........

නිල් තාරකා නෙතු අද්දරින්
ගිලිහී වැටෙන ගණඳුරු රැයේ
අනාගතයේ හීන ඇවිදින්
තනි රකියි හිත් මායිමේ..........

යෞවනේ හෙට දවස අභියෙස
මතක ඇහිඳින කණිසමේ
සිතුම් දෑලක බැඳී පැටලී
ඔබ රූ මැවෙයි හද පුදසුනේ........

සහස් දුර මං ලකුණු කැටිවුනු
ජීවිතේ දිගු මං පෙතේ
මිරිඟු බිඳ සව් සත් දකින්නට
හෙටත් ඔබෙ මතකය තියේ........

No comments:

Post a Comment