Tuesday, June 21, 2011

සඳ සදිසි සකිසඳ.....


නිමක් නොපෙනෙන
සයුර අභියෙස
සිහි කරන්නෙමි
මතක මං පෙත....
පෑල දිග අහස් කුස
අළුපාට හැන්දෑව
ඉඟි කලත් සමුගන්ට
සයුර සේම සසලය සිත.....
මේ විසල් අහස යට
සහස් ගව් පිය මනින
නිහඬ ජීවිත ගමනේ
කඳුල උදුරා, සිනහ වැපිරූ
සොඳුරු සරතැස
නුඹම වේ,
සඳ සදිසි සකිසඳ.....

No comments:

Post a Comment