සොඳුරු සිතැත්තී...නුඹ යා යුතුයි බෝ දුර
කුමක් කරමිද අසරණයි මමත්
හිත රවටාන ඉතින් කුමටද
හද කවුළුපත් වසා දොරගුළු ලමි මමත්......
කොපුලත රැඳුනු කඳුලක සීතල
නුඹ මෙන්ම දනිමි මමත්
ඉසිඹුලන ඇසිල්ලක් නොවිමසා දුක දරන්
නුඹ යන්නට යා යුතුයි මගෙන්........
නුඹ තරම් හිත රැඳුනු මලක්
හමුවේද නොදනිමි යළි මමත්
සිත සිර කරන් සෙනෙහස දරන්
නුඹට යන්නට දෙමි ඉතින්........
හද කවුලු වසා ..
ReplyDeleteසිටින මුත්..
නුඹ එනවා නම් සිත් අහසට..
කවුලු හැර පිලිගන්න මට...
ඉඩ දෙන්නම් හිත් මඩලට...
වඩින්න පිණි පොදක් සේ...
බොහොම ස්තූතියි නිමශා......
ReplyDeleteහද කවුළුපත් වසා දොරගුළු දැමූවද
හිත ගිය තැන අමතක කරමි කෙසේ..........