යන්ට වන බැව් දැන දැන
නුඹ මට ගෙනා ජීවිතය
දෝතින්ම වැලඳගෙන තුටින
ගෙවූ කාලය ඉක්ම ගොස් ඇත....
නුඹ මගේ කල ජීවිතය
හිමි නොවේ නම් නුඹටම
කුමට මේ හැටි පෙම් කර
පෙර උන්නු හැටි හොඳ නොවෙද අප....
අපි අපේ නොවන හෙට දින
හිනාවෙමු කොහේ හෝ හිඳ
දැන් නොවිමසන් මා සිත තව
නුඹ දනියි ඒ ගැන හොඳටම....
No comments:
Post a Comment