Wednesday, August 31, 2011

ගසට උරුමැති මලක් නම් නැති....


මලක් වී නුඹ පිපුනි මා ලඟ
කටු අතර සිහිනයක් විලසට
පියෙන් පිය නුඹ පෙති විහිදි කල
සතුටු කඳුලින් තෙමුනි මා හද

ගෙවී යන කාලයත් සමඟින
කටු වලට නුඹ දෙස් දෙවන සඳ
කරන්නට කිසි දෙයක් නොමැතිව
නුඹට වැඩියෙන් රිදුනි මගෙ හද

කොහෙන්දෝ ආ සුලඟ සමඟින
හාද වී නුඹ ගියත් බෝ දුර
හඬන්නටවත් වරම් නැති කල
හිස් අතින් කරබාන උනි මම

ගසට උරුමැති මලක් නැති බව
හැඟුනි නම් මට ගෙවුනු එදවස
එසඳ නුඹ මා අතැර ගිය කල
මේ තරම් හිත රිදෙන්නේ නැත

2 comments:

  1. ගතේ තිබු සාරයම එක් කර
    මලට ජීවය දුන්නු හින්දම
    එකඳු එක ඵලයක් නොදී නුඹ
    හොඳයි කෘතගුණ සැලකු අන්දම

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අක්කේ පසුවදනට...

    ReplyDelete