බොහෝ මහළුයි දැන්
අඹ ගහත් බංකුවත්
බංකුවේ පිටුපසින්
ඇහුනු හැඬුමට හෙමින්
තතු දන්න අඹ ගහත්
වැලපුනා හෙමි හෙමින්...
හිනා, කඳුළුත් හොරෙන්
තෙපුල බස් ආදරෙන්
ඇහුනෙ අපි දෙන්නටම
විතරමයි මේ සැරෙත්
ඇවිත් ගිය බොහෝ උන්
නිදි මරන් කඩන මල්
වලට තනි රැක ඉතින්
අපි උන්නෙ සීරුවෙන්
බොහෝ දෑ විසඳමින්
කෙරෙන මිතුරූ බසත්
අහන් උන් හැටි උනත්
තාම මතකයි මටත්....
ගිය දොහෙත් ඔහොමමයි
අඬ අඬයි උන් ගියෙත්
මේ දොහෙත් එහෙමමයි
මට උනත් දුක තමයි
ජීවිතේ ඔය තමයි
යාම් ඊමුත් ගොඩයි
සිදුවීම් එකමමයි
වෙනස මිනිසුන් තමයි.....
ස්තූතියි...ආදරණීය Hostel එකට...බොහෝ ආදරණීය මතකයන් ඒ අවුරුදු සතර පුරාවටම දුන්නාට.......
ReplyDeleteශෝක් කවිය නංගි!
ReplyDeleteනවකයින් වීමු අපි ජීවිතයටත් එදා
ReplyDeleteපුංචි දේකට පවා කඳුළු සැළුවෙමු හඬා
උගත් කම එක්ක ඒ වසර හතරක් පුරා
ජීවිතෙහි වූ අරුත පසක් කර දුන් නිසා
ඔබ දමා යන දිනේ දෙපා යුග පැටළුනා...
ලස්සනයි නංගි....
ස්තූතියි Aka අය්යා, Prash අක්කා අදහස් වලට...
ReplyDelete