Monday, October 31, 2011

දයාබර රුහුණ....



අඹ ගහ, තාමත් හොයනවද අපිව
බංකුව අදත් අපි ගැන ඇහුවලු නේද
එතකොට අර හොස්ටල් එකේ
එක පෙළට තිබ්බ මේස ටික එහෙම
වෙන කාට හරි අයිති ඇති නේද
සිවිල් එක ගාව ලොකු ගහ යට
මිකැනිකල් බෙන්ඩ් එක ලඟ
තාමත් කට්ටිය මුණගැහෙනවැති
උදේට අපි ලෙක්චර්ස් යන පාරෙ
තාමත් මැයි මල් වැටෙනවා ඇති
වේලිච්ච කොල අහුලනවද තව අයත්?
ලෙක්චර්ස් අස්සෙ අපි තරම් හොඳට
කවුරුත් චිට් පාස් කරාවිද මන්දා
ප්‍රැක්ටිකල්, ලෙක්චර්ස් වල ගහපු හොර සයින්
තාමත් මතකයි අද වගේ මට
රෑ තිස්සෙ නිදිමරන් ගොඩ දාපු ටියුට්
මෙච්චර ගොඩක් තිබුනද මන්දා
ලයිබ්රරියෙ තුන්වෙනි මේසෙට
දැන් නම් වෙන අය ඇවිත් ඇති
කැන්ටින් එකේ තාමත්
කුප්පි එහෙමත් යනවත් ඇති
කැම්පස් එකේ කොට තාප්ප උඩ
පෝළිමට දැනුත් වෙන අය ඉඳන් ඇති
කොල්ලොන්ගෙ හොස්ටල් එකේ
සිංදු සද්දෙ දෝංකාර දෙනව ඇති
ෆැකල්ටිය ඇතුළෙ මේ දැනුත්
කැන්ටින් එකේ පුටු මේස වලට
ඉඳහිට අපිවත් මතක් වෙනව ඇති
Bucket, Social ,Going Down අස්සෙ
අවුරුදු හතරක් ගෙවුනද මන්ද
මතක ඇහිඳිනව මං නම් තාම
අද ඊයෙ වගෙ, දයාබර රුහුණ....

9 comments:

  1. රුහුණෙද? මොන අවුරුද්දෙද?

    ReplyDelete
  2. තාම කැම්පස් එකේ හිටියත් ඇහැට කඳුලක් ගෙනාපු පෝස්ට් එකක්.. නියමයි අක්කේ!!

    ReplyDelete
  3. ලස්සනයි අක්කා..හොඳටම දැනුනා... ඉස්සරහට එන ජිවිතේ ගොඩක් දුෂ්කරයි..
    සාර්ථකව ඒ ජිවිතයට මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!

    ReplyDelete
  4. වෙන්ව යාමක දුකක්... හදවතටම දැනුනු දවක් 3 ක්... දරා ගන්න බැරි වේදනාවක්... RUHUNA EFAC වෙන්ව ගියත් ඔබත් එක්ක තිබුණු මතකය ආදරය සදාකාලිකයි..

    ReplyDelete