සිත හිස් බවින් පිරි අයුරු
දැක යළිත් වන මට නුදුරු
නුඹ පෙමත් සදිසිය මකුළු
ඉන් ගෙයත් කඩා බිඳ හෙලලූ
නුඹෙ අකීකරු පෙම සිතලූ
අස්වැසුම් නොම දුන් අයුරු
දැන සිත පුරා ඇඳි නුඹ රූ
මම මකමි දුකකින් සිරවූ
පෙම් අහස් මාළිග තනපු
මං මුලා වන තෙක් ගියපු
මෙ ගමන තව බෑ කරනු
තනිකම හොඳයි මට පුරුදු
සිත කෙරූවත් මගෙ රුසිරු
නුඹෙ පෙමින් වේ නම් නපුරු
පලක් වේවිද සිකුරු
ඔය කරන ඔච්චම සොඳුරු.....
ඇත්තටම සහෝදරී මේ පදවල තේරුම මට ගලප ගන්න බෑ. ඒත් මට මේ නිසදැස ගොඩක් හිතට ඇල්ලුව. කියන්න තේරෙන්නෙ නැති ලස්සනක් තියනව.
ReplyDeleteබොහොම ස්තූතියි Kasun.
ReplyDelete