Sunday, March 11, 2012

හිතවත් සුලඟ....


අසන් හිතවත් සුලඟ
මවෙතින් නික්ම යනු රිසි
බෝ දුර ගෙවා නැවතත්
නුඹ නාවාට කම් නැති...
රළු ගල් බොරළු මග ඇති
වැර ගෙන ගෙවා යනු හැකි
නුඹ යන ගමන අවුරන
කඳු හෙල් මගැ'ර යනු සකි...
තවමත් අහිතවත් නැති
ඉර හඳ පවා දන්නැති
ලෙංගතු කමෙන් අඩු නැති
වසන්තය ආවාට පල නැති...
අසන් හිතවත් සුලඟ
මවෙතින් නික්ම යනු රිසි
මම දැන් මෙතැන නවතිමි...
නුඹට රිසි මග හමා යා හැකි...

2 comments:

  1. දමා යනු මා ඉන්ට හැකි
    යැයි කීව මුත් මගේ සකි
    නුඹේ සුවඳැති පවන් රැළි
    හදෙහි ගැඹුරුම තැනක ඇති
    මතක අමතක කරනු රිසි
    මාව මඟ හැර හමනු සකි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතඹර, ආදරණීය පසුවදනට....:)

      Delete