Saturday, March 24, 2012

දුවන තරඟෙක නුවර පාමුල ....

 
දුවන තරඟෙක නුවර පාමුල - මමත් නුඹ මෙන් තවත් මිනිසෙකි
මෙතෙක් ආමග මගේ දිවියෙත් - ඇද වැටුනු තැන් අපමණව ඇති

සිනහවෙන් පිරි ඉතිරි මුව මත - යටම සැඟවුනු කඳුළු බිඳුවකි
තවත් එක් මග ඇරුනු සිහිනෙක - නුඹත් ඇවිදින මැරුණු මිනිසෙකි

ගොළුව ගිය තුරු වියන් පාමුල - ගිලිහි ගිය මල් දහසකුත් ඇති
නමුත් කිකලකවත් ගසට නම් - එ මල් කිසිවිට දොසක් නොකියති

බොහෝ ඇවිදින මැරුණු මිනිසුන් - මෙපුර අදටත් හිඳිනවා ඇති
උනුත් මා වාගේම ඉඳහිට - අතීතය ගැන හිතනවා ඇති

වසන්තය විත් නැවුම් බවකින් - යළිත් නව මල් පුබුදුවනු ඇති
මැරුණු ජීවිත යළිත් දළු ලා - විසල් අතු ඉති විහිද වනු ඇති

4 comments:

  1. ගොළුව ගිය තුරු වියන් පාමුල - ගිලිහි ගිය මල් දහසකුත් ඇති
    නමුත් කිකලකවත් ගසට නම් - එ මල් කිසිවිට දොසක් නොකියති

    වසන්තය විත් නැවුම් බවකින් - යළිත් නව මල් පුබුදුවනු ඇති
    මැරුණු ජීවිත යළිත් දළු ලා - විසල් අතු ඉති විහිද වනු ඇති

    හරිම අපූරුයි..ඔයා වගේ දක්ෂකමක් තියෙන අය බ්ලොග් ලෝකයේ හමුවෙන්නෙ හරි අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි වර්ෂා...:)

      Delete
  2. ඇද වැටුණු දිවි තැන්හි නොනැවති
    යළිත් හිස ඔසවනු හැකී
    ජීවයක් දෙනු බැරි මතක හැම
    වලදමා නික්මෙනු වටී
    එලබෙනා හෙට වසන්තය ගැන
    සුබ සිහින දකිමින් නිතී
    දුක්ම දුක්බර අතීතෙට
    සමුදෙන්න කල් එළබී ඇතී...

    හැමදාම වගේම හරිම ලස්සනයි නංගි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ ලස්සනම පසුවදනට...:)

      Delete