ප්‍රේමය අකුරු කලෙමි
ජීවිතය සරියි වනපොත් කලෙමි
අතොරක් නැතිව පිපි පෙම් මල්
මල'සුන් මතම පරවනු දුටිමි
එ පසුපස වු වියෝ දුක
දැකිමි, හැඳින්නෙමි,
පසක් කලෙමි
ප්‍රේමය කිමැයි විමසන බොහෝ නුවරුන් දුටිමි
සිනහවෙන් වැසූ උණු කඳුළු කැට හැඳින්නෙමි
මම,
එදුක් බැම්මෙන්
මිදෙමි,
සැනසෙමි,
සුවපත්ම වෙමි……
මම,
මා සොයා යමි……
බෝධිය හිතේ පුරවාගෙන වැදගන්න
ReplyDeleteමල් අසුනත බුදුන් පාමුල වැඩ ඉන්න
පිරිතක් සේ මන්ද ස්වරයෙන් මිමිණෙන්න
පින් කළ හිත නිවන් දොරකඩ සැතපෙන්න
ස්තූතියි වර්ෂා, දයාබර පසුවදනට... :)
ReplyDelete