ඇවිදිද්දී පා පැකිලී
පුංචි හිතත් වැළපෙද්දී
කිරට නොහැරි නුඹේ රුහිරු
හැලෙනු දුටිමි කඳුලැලි වී.....
ආ මඟ දුර ගෙවා මගේ
සවියක් උනු සෙනේ නුඹේ
මතක මැදින් ඇහැරෙද්දී
හිතට දුකයි අප්පච්චී.....
තුඟු සුවිසල් අහස අරා.....
සුපුන් සඳක සිසිල දරා.....
හිරු මඬලක තෙදින් වසා.....
නුඹ දිවියම එකළු කලා.....
දයාබරම නුඹෙ සෙවනේ
කිරිල්ලියක තටු වැඩුනේ.....
නුඹ හැරදා තටු විහිදා
කෝම යනුද අප්පච්චී.....
පුංචි හිතත් වැළපෙද්දී
කිරට නොහැරි නුඹේ රුහිරු
හැලෙනු දුටිමි කඳුලැලි වී.....
ආ මඟ දුර ගෙවා මගේ
සවියක් උනු සෙනේ නුඹේ
මතක මැදින් ඇහැරෙද්දී
හිතට දුකයි අප්පච්චී.....
තුඟු සුවිසල් අහස අරා.....
සුපුන් සඳක සිසිල දරා.....
හිරු මඬලක තෙදින් වසා.....
නුඹ දිවියම එකළු කලා.....
දයාබරම නුඹෙ සෙවනේ
කිරිල්ලියක තටු වැඩුනේ.....
නුඹ හැරදා තටු විහිදා
කෝම යනුද අප්පච්චී.....
අරුණැල්ලේ පළමු වැනි සටහන අප්පච්චි ගැන.. ලියන්න පටන් ගත්ත කාලේ නේ..මේ තරම් නම් ලස්සන නැහැ!
ReplyDeletehttp://www.arunalla.tk/2011/08/blog-post.html
ලස්සනයි කවි පද
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න