එයා මට හිටපු හොඳම යාළුවා.. හිටපුම නෙවි, දැනට සහ ඉදිරියටත් ඉන්න.
හොඳම කියන්නෙ ඉතින් අතිජාතම මිත්‍රයා..
හැබැයි පොඩි වෙනසක් තිබ්බා. එයා හැමදාම මට වඩා අඩි දෙක තුනක් ඉස්සරහින් ගමන් කරේ. ඉක්මනින් හරි පරක්කු වෙලා හරි මං ගියෙත් එයා ගිය අඩි පාරට සමාන්තරව හරි , ඒ අඩි පාර උඩින්ම හරි තමා.
ඔන්න දවසක් එයා කොස් කොළ තොප්පියකුත් දාගෙන, ලී කඩුවකුත් අරන්, ඔරුවක නැගලා එයාගේ නිධානය හොයන් යනවා කියලා ගියා...
"මේ සංසාරෙන් මිදෙන්න ඕනි" වගේ මට තේරුනත් මං නොතේරෙනවා වගේ ඉන්න දේවල් ටිකකුත් කියල තමයි එයා ගියේ...
මං ඒත් මුලින් කිව්වා අඩුම ගානේ මගෙ උපන්දිනේ පහුවෙනකම්වත් ඉඳල යන්න කියල...
පොඩ්ඩක් හිතන්නකෝ හොඳම යාළුවාගෙ සුබ පැතුමක් නැති උපන්දිනයක් කියන්නෙ, මට හිතාගන්නවත් බැරි උනා....
මගේ ආත්මාර්ථකාමී ඉල්ලීමට එයා හීනියට හිනාඋනා, හිනාවෙලා කිව්වා, “ඔයාට හොඳටම මාව තේරෙනවානෙ, මං ඔයාට හුලඟ දිගේ සුබ පැතුමක් එවන්නම්” කියල...
ඒත් ඉතින් හොඳම යාළුවා කියන්නෙ හොඳම යාළුවටනේ...එයා දන්නවා එයාගේ අඩි සලකුණු දිගේ මං ඉක්මන්ට හරි පරක්කු වෙලා හරි එනවා කියලා...ඒ නිසා එයා අඩි සලකුණු තියලා යාවි...මොකද අපි දෙන්නම එකම අච්චුවේ, තියෙන්නෙ කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයිනෙ...
ඉතින් එහෙනම් ආයිත් මුණගැහෙනකං සුබ ගමන් කියල විතරයි අන්තිමට මං එයාට කිව්වෙ...
හොඳම යාළුවා කියන්නෙ ඉතින් හොඳම යාළුවටනේ........!
අනිවාර්යයෙන් ම.. යාළුකමට දුර ප්‍රශ්නයක් නැහැනේ..
ReplyDeleteයාලුවා හරි.
ReplyDeleteඅප්පමාදේන සම්පාදේථ!