Tuesday, July 24, 2012

පුංචි කාලේ මගේ චිත්‍රය


ඉර ඇවිත් කඳු මතින් එබෙනවා
වළාකුල් දෙක තුනක් අඳිනවා
කුරුල්ලන් පේළියට ඇදෙනවා
කොළේ මැද පොඩි ගෙයක් තියෙනවා

ගෙයි පාර දොරකඩම රැඳෙනවා

එක දොරයි ජනේලෙයි පේනවා
ගෙදර ලඟ ලොකු ගහක් තියෙනවා
පැත්තකින් පොඩි දොළක් ගලනවා

අම්මවයි තාත්තාත් අඳිනවා
වැඩි හොඳට මාත් මම අඳිනවා
ඕනි නම් මල් ගසුත් අඳිනවා
අම්මෙ මේ හරි නේද අහනවා

6 comments:

  1. මම හිතා‍ගෙන හිටියේ සිත් ආකාසෙට කවි ලියන්ඩ විතරයි පුළුවන් කියලා.ලස්සන චිත්‍රයක්නේ අක්කියෝ.ඇත්තටම දැන් අදින්නැද්ද චිත්‍ර!

    ReplyDelete
  2. අඳිනවා.... මාත් අඳිනවා, හැමෝමත් අඳිනවා ඇති....
    ඒත්...තාමත්...මේ තරම් හොඳ චිත්‍රයක් දැක්කෙ නෑ මං.... :):)

    ReplyDelete
  3. කොන්ඩෙ හෙම හරි මැදින් බෙදනවා
    අත් දෙකේ ඇඟිලි ටික පේනවා
    'එල්' අකුරෙ හැඩ කකුල් තියෙනවා
    අපි හැවොම සීරුවෙන් ඉන්නවා... :))

    ReplyDelete
  4. ස්තූතියි අක්කේ පුංචි කාලෙ තවත් මතකය අළුත් කරාට.. :)

    ReplyDelete