Monday, April 30, 2012
Friday, April 27, 2012
Saturday, March 24, 2012
දුවන තරඟෙක නුවර පාමුල ....
මෙතෙක් ආමග මගේ දිවියෙත් - ඇද වැටුනු තැන් අපමණව ඇති
සිනහවෙන් පිරි ඉතිරි මුව මත - යටම සැඟවුනු කඳුළු බිඳුවකි
තවත් එක් මග ඇරුනු සිහිනෙක - නුඹත් ඇවිදින මැරුණු මිනිසෙකි
ගොළුව ගිය තුරු වියන් පාමුල - ගිලිහි ගිය මල් දහසකුත් ඇති
නමුත් කිකලකවත් ගසට නම් - එ මල් කිසිවිට දොසක් නොකියති
බොහෝ ඇවිදින මැරුණු මිනිසුන් - මෙපුර අදටත් හිඳිනවා ඇති
උනුත් මා වාගේම ඉඳහිට - අතීතය ගැන හිතනවා ඇති
වසන්තය විත් නැවුම් බවකින් - යළිත් නව මල් පුබුදුවනු ඇති
මැරුණු ජීවිත යළිත් දළු ලා - විසල් අතු ඉති විහිද වනු ඇති
Tuesday, March 20, 2012
Sunday, March 11, 2012
හිතවත් සුලඟ....
අසන් හිතවත් සුලඟ
මවෙතින් නික්ම යනු රිසි
බෝ දුර ගෙවා නැවතත්
නුඹ නාවාට කම් නැති...
රළු ගල් බොරළු මග ඇති
වැර ගෙන ගෙවා යනු හැකි
නුඹ යන ගමන අවුරන
කඳු හෙල් මගැ'ර යනු සකි...
තවමත් අහිතවත් නැති
ඉර හඳ පවා දන්නැති
ලෙංගතු කමෙන් අඩු නැති
වසන්තය ආවාට පල නැති...
අසන් හිතවත් සුලඟ
මවෙතින් නික්ම යනු රිසි
මම දැන් මෙතැන නවතිමි...
නුඹට රිසි මග හමා යා හැකි...
Friday, March 9, 2012
Wednesday, March 7, 2012
කුවණ්ණා...
තමැන්නා වෙරළතට සුබ අසුබ කැන්දා
විජය කුමරුන් සමඟ එක මගේ ගියදා
සනුහරේ උන් මැවූ පැතුම් නුඹ හන්දා
විජයගේ ප්‍රේමයට බොඳ උනිද කුවණ්ණා...
මදුරා පුර කුල කුමරි මාතොටට වැඩිදා
ප්‍රේමයත් කොයි අහක ඉහිරුනිද මන්දා
සනුහරේ උන් නැසූ පාපයට පෙරදා
කොයි තරම් දුකක් නම් ඉහිලුවද කුවණ්ණා...
රාවණා පරපුරේ භූමියම කෙලෙසා
ලාට රට උරුමයම අභිෂේක කලදා
හිතේ රැඳි දහසකුත් හැඟුම් පොදි හංගා
පිටමංවු කඳුළු කැට බර වැඩිද කුවණ්ණා...
විජය කුමරුන් සමඟ එක මගේ ගියදා
සනුහරේ උන් මැවූ පැතුම් නුඹ හන්දා
විජයගේ ප්‍රේමයට බොඳ උනිද කුවණ්ණා...
මදුරා පුර කුල කුමරි මාතොටට වැඩිදා
ප්‍රේමයත් කොයි අහක ඉහිරුනිද මන්දා
සනුහරේ උන් නැසූ පාපයට පෙරදා
කොයි තරම් දුකක් නම් ඉහිලුවද කුවණ්ණා...
රාවණා පරපුරේ භූමියම කෙලෙසා
ලාට රට උරුමයම අභිෂේක කලදා
හිතේ රැඳි දහසකුත් හැඟුම් පොදි හංගා
පිටමංවු කඳුළු කැට බර වැඩිද කුවණ්ණා...
Subscribe to:
Posts (Atom)





